වසරේ මේ දක්වා සංචාරකයන් ලක්ෂ 07කට ආසන්න පිරිසක් දිවයිනට

මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් ලක්ෂ 7කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව ජනවාරි පළමු දින සිට මාර්තු 22 දක්වා කාලය තුළ සංචාරකයින් 692,744ක් දිවයිනට පැමිණ ඇති බවයි අධිකාරියේ දත්ත වාර්තා වල දැක්වෙන්නේ.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 135,070ක් වේ.

එසේම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

මේ අතර මාර්තු මස පළමු දින සිට 22 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 136,089 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.