ධීවරයන්ගේ ඉන්ධන ගැටළු කියන්න දුරකථන අංකයක්

ධීවර කර්මාන්තයට ඉන්ධන ලබාගැනීමේදී ඇති වන ගැටලු යොමු කිරීමට 011 43 23 389 යන සහය දුරකථන සේවාවක් හඳුන්වාදීමට ධීවර අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා. 

මෙම සේවාව පැය 24 පුරා ක්‍රියාත්මකයි.

ධීවර යාත්‍රා සඳහා මෙන්ම මුහුදු ආහාර සැකසීම සහ ජලජීවී වගාව ඇතුළු කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමේදී ඇති වන ගැටලු මේ හරහා ඉදිරිපත් කළ හැකිය.