ඉන්ධන පිරිවැය ඉහළ යාම සම්බන්ධයෙන් පිලිපීනයේ මැනිලා අගනුවර ප්‍රවාහන සේවකයින් සිය ගණනක් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඉන්ධන බදු ඉවත් කිරීම සහ තෙල් මිල අඩු කිරීම, නියාමනය ඉවත් කිරීම අත්හැරීම සහ රාජ්‍ය පාලනයන් හඳුන්වා දීම වැනි ඉල්ලීම් සිදු කරමිනුයි ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත්තේ.
එසේම ගාස්තු වස වැටුප් වැඩි කරන ලෙස ද ඔවුන් රජයෙන් ඉල්ලීමක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වල දැක්වෙන්නේ.
පෙබරවාරි 28 වන දින ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට පිලිපීනයේ ඩීසල් සහ පෙට්‍රල් මිල දෙගුණයකටත් වඩා වැඩි වී ඇත. එසේම මේ වන විට එරට ජාතික බලශක්ති හදිසි තත්වයක් ද පවතිනවා.
පිලිපීනයේ ඉන්ධන අවශ්‍යතාවයන්ගෙන් 98% ක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව් වලින් ලබා ගනු ලබනවා.

