පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු සේවා තාවකාලිකව අත්හිටුවයි

පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් අද (24) තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම ප්‍රාදේශීය කාර්යාලවල අද දිනයේ මහජන සේවාවන් සිදුනොවන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පද්ධතියේ පවතින දෝෂය කඩිනමින් නිරාකණය කර මහජන සේවා කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.