ටෙක්සාස්හි Port Arthur හි තෙල් පිරිපහදු බලාගාරයේ පිපිරීමක්

ටෙක්සාස් හි Port Arthur හි පිහිටි Valero තෙල් පිරිපහදු බලාගාරයේ පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විශාල පිපිරීමක් සිදුවී ඇති බවත්, එමඟින් අහසට කළු දුමාරයක් නිකුත් වූ බවත්ය සඳහන් වනවා.

එසේම පිපිරීමේ හඬින් අවට නිවාස පවා සෙලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම පිපිරීම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් මේ වන තෙක් වාර්තා වී නොමැති බවද සඳහන්.
 
නමුත් වාතයේ ගුණාත්මකභාවය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දීමක් කර ඇත. 

නගරයේ බටහිර ප්‍රදේශයේ පදිංචිකරුවන්ට නිවෙස්වල දොර ජනෙල් වසාගෙන ඇතුළතට වී සිටින ලෙස උපදෙස් ලබා දී ඇති අතර, රථවාහන ගමනාගමනය ද සීමා කර තිබේ.