සිමෙන්ති මිල රුපියල් 150ත් 175ත් අතර මිලකින් ඉහළ ගොස් තිබෙනවා.
නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් සමග මෙම මිල ඉහළ දැමීම සිදු කර ඇති බවයි සිමෙන්ති නිෂ්පාදන සමාගම් සඳහන් කරන්නේ.
මේ අතර ඉදිකිරීම් ක්ෂේත්රයේ වැලි, ගල්, යකඩ ඇතුළු සියලු භාණ්ඩවල මිල මේ වන විට විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ද ශ්රි ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ඩැරින්ටන් පෝල් මහතා පවසයි.

