තේ, රයිස්, කොත්තු මිල ඉහළට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, තේ කෝප්පයක් රුපියල් 5කින්, කිරි තේ කෝප්පයක් රුපියල් 10කින්, කෙටි කෑම රුපියල් 10කින් මෙන්ම බත් සහ කොත්තු රුපියල් 25කින් මිල ඉහළ නංවා ඇත.

ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස කෑම වර්ගවල මිල වැඩි කළ බවයි සභාපති හර්ෂණ රුක්ෂාන් කියා සිටියේ.

මේ අතර මෙම අවස්ථාවේ බේකරි නිෂ්පාදනවල මිල සංශෝධනය නොකරන බවයි අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කළේ.