අස්වැසුම පළමු අදියරේ ප්රතිලාභීන් වෙත මාර්තු මාසයට අදාළ දීමනාව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් හෙට (12) දිනයේ අදාළ ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පවුල් 1,408,635ක් වෙත රුපියල් 11,179,801,250.00 අධික මුදලක් බෙදා දීමට නියමිතයි.
ඊට අමතරව අස්වැසුම දෙවන අදියර ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත ද රුපියල් 2,350,530,000.00 අධික මුදලක් හෙට දිනයේ බැර කිරීමට නියමිත බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් පවසනවා.

