ඇමරිකාව සහ ඊශ්‍රායලයෙන් ඉරානයට ඒකාබද්ධ ප්‍රහාරයක්

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එකතු වී ඉරානයට ඒකාබද්ධ ප්‍රහාරයක් දියත් කර තිබෙනවා.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසන්නේ සිය හමුදා ටෙහෙරානයට පහර දුන් බවයි. ඊට ප්‍රතිචාර ලෙස ඉරානය ද ප්‍රහාර දියත් කර ඇති බව වාර්තා වෙනවා.

ටෙහෙරානයට අමතරව ඉරානයේ Isfahan, Qom, Karaj, සහ Kermanshah යන ප්‍රදේශවලට ද එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.

ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන නැවත ගොඩනැංවීමට සහ දිගු දුර මිසයිල සංවර්ධනය කිරීම දිගටම කරගෙන යාමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම ප්‍රහාර දියත් කළ බවයි සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඇමරිකානු ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර සිටින්නේ.