ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වායු දූෂණ මට්ටම් නැවතත් ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
වායු දූෂණ කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පෙන්වා දෙන්නේ අනෙකුත් දකුණු ආසියානු රටවල පවතින සුළං රටා සහ වායු දූෂණ තත්ත්වයන් හේතුවෙන් මෙය සිදු ව ඇති බවයි.
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මක දර්ශකය (AQI) ඉහළ ගොස් ඇති අතර, කෝට්ටේ ඒකක 127 ක් වාර්තා වී ඇත.
අනුරාධපුරයේ ඒකක 76 ක්, දඹුල්ලේ ඒකක 71 ක් සහ ගාල්ලේ ඒකක 69 ක් ලෙස ද වායු දූෂණ මට්ටම් වාර්තා විය.
එසේම බදුල්ල, යාපනය, මන්නාරම, මුලතිව්, කෑගල්ල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල අද දින වායු ගුණාත්මකභාවය පහත වැටී ඇත.
සාමාන්‍යයෙන් මෙම AQI මට්ටම 50 ට වඩා අඩු වීම හිතකර මට්ටමක් ලෙස සැලකෙනවා.

