ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට දැනුම් දීමක්

ලාෆ්ස් ගෑස් සමාගම විසින් ආනයනය කරනු ලබන ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (28) මෙරටට ළඟා වී තිබෙනවා.

ඒ අනුව අද සිට එම ගෑස් තොග කඩිනමින් වෙළෙඳපොළට නිකුත් කරන බවයි ලාෆ්ස් ගෑස් එම සමාගම පවසන්නේ.

ගෘහස්ත පාරිභෝගිකයන්ට අද සිට සාමාන්‍ය පරිදි ලාෆ්ස් ගෑස් අලෙවි නියෝජිතයන් හරහා අවශ්‍ය ගෑස් සිලන්ඩර මිලදී ගැනීමේ හැකියාව ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.