පන්දුවාර 20 ලෝක කුසලානයේ සුපිරි 08 දෙනා වටයේ ශ්රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද පාකිස්ථානු කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගය රාත්රී 07.00ට මහනුවර පල්ලෙකැලේ ක්රීඩාංගනයේදී ආරම්භ වනු ඇති.
නවසීලන්තය සමග මීට පෙර පැවති තරගය පරාජය වීමත් සමග ශ්රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.
කෙසේවෙතත් අද පැවැත්වෙන තරගයෙන් ශ්රී ලංකාව ලකුණු 64කින් හෝ ශ්රී ලංකාව ලබාදෙන ඉලක්කය පන්දුවාර 13යි එක් පන්දුවකට අඩුවෙන් සම්පූර්ණ කළහොත් පාකිස්ථානයට අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කරගත හැකිවනු ඇත.

