යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාවට යුරෝ මිලියනයක අතිරේක මානුෂීය ආධාර මුදලක් වෙන් කර තිබෙනවා.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීමට සහ රට පුරා අඛණ්ඩ සහන මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා මෙම මුදල වෙන් කර තිබෙනවා.
මානුෂීය හවුල්කාර සංවිධාන සමග ඒකාබද්ධව ලබා දෙන එම අධාර මුදල පීඩාවට පත් ජනතාවගේ මූලික සේවා සැපයීමට යොදාගනු ඇති.
යුරෝපා සංගමය සහ එහි හවුල්කාර සංවිධාන මීට පෙරද යුරෝ මිලියන 2.35 ක අධාර මුදලක් දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට ජනතාවට ලබා දෙනු ලැබුවා.
ඊට ඉංජිනේරු තාක්ෂණික සහය සහ ද්‍රව්‍යමය ආධාරද ඇතුළත් වූවා.

