ලාෆ් ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් ලබන 27 වැනිදා මෙරටට ලඟාවන බව ලාෆ් සමාගම පවසනවා.
ලබන 28 වැනිදා සිට එම තොග කඩිනමින් වෙළෙඳපොළට මුදාහරින බවයි එහි ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය පැවසුවේ.
අද එම තොග මාලදිවයිනේ සිට නෞකා ගත කිරීම් සිදු කරනු ඇති.
තවත් ලාෆ් ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් මෙම නෞකාව පැමිණ දින 8කින් අනතුරුව පැමිණීමට නියමිත බව සඳහන්.

