ඊයේ එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයට වාර්තාගත හිම පතනයක් සමඟ ප්‍රධාන හිම කුණාටුවක් ඇති වී තිබෙනවා.
මේ හේතුවෙන් ගුවන් ගමන් 5,000කට අධික ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Rhode Island සහ Massachusetts හි සමහර ප්‍රදේශවලට අඟල් 37 (සෙ.මී. 94) කට ආසන්න හිම පතනයක් සිදුවී ඇත.
එසේම නිව් යෝර්ක් නගරයේ මධ්‍යම උද්‍යානයේ අඟල් 19 කට වඩා හිම පතනයක් සිදුවී ඇති බව එරට ජාතික කාලගුණ සේවය පවසනවා.
කුණාටුව අතරතුර ඇමරිකාවේ කුඩාම ප්‍රාන්තය වන රෝඩ් අයිලන්ඩ්ට වැඩිම හිම පතනයක් ලැබී ඇති බව සඳහන්.

