ශ්රී ලංකාවේ ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උපවාස මාසය අද සිට ආරම්භ කරනවා.
ඒ ඊයේ නව අඩ සඳ දර්ශනය වූ බව කොළඹ මහ පල්ලිය නිවේදනය කිරීමත් සමඟයි.
ඉස්ලාමීය චන්ද්ර දින දර්ශනයේ 9වන මාසය රාමසාන් මාසයේ උපවාසය වන අතර, එය ඉස්ලාමයේ කුළුණු පහෙන් එකක් ලෙස සැලකෙනවා.
මෙමං මාසය පුරාවට ඉර නැගීමේ සිට ඉර බහින කාලය දක්වා ඉස්ලාම් බැතිමතුන් ආහාර ගැනීමෙන් වැලකී සිටින අතර ආගමික කටයුතු සඳහා මේ මාසයේ විශේෂ තැනක් දී කටයුතු කරනවා.

