GMOA වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද තෙවැනි දිනටත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.

දීමනා ගැටලු මුල් කර ගනිමින් ඔවුන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දින දෙකක දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකින් අනතුරුව ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව

* බාහිර මිලදීගැනීම් සදහා ඖෂධ නියම නොකිරීම

* බාහිර රසායනාගාර පරීක්ෂණ නිර්දේශ නොකිරීම

* වෛද්‍යවරුන් අනුමත කරගෙන නැති රෝහල් පද්ධතියේ නව ඒකක ආරම්භ කිරීම නොකිරීම

* සෞඛ්‍ය කඳවුරු සහ සායනවලට සහභාගී නොවීම

* රෝගියා පරීක්ෂා කිරීමට සහයක නිලධාරීයෙක් නැත්නම් සේවා වලින් ඉවත් වීම ආදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල නිරත වෙයි.