අස්වැසුම ජනවාරි දීමනාව අද

අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට අදාළ සුබසාධක ප්‍රතිලාභ අද (28) සිට අස්වැසුම බැංකු ගිණුමෙන් ලබාගත හැකි බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙනවා.

2026 ජනවාරි මස පළමු අදියර අස්වැසුම ලබන මුළු පවුල් සංඛ්‍යාව 1,415,584ක් වන අතර ඒ සඳහා රජය රු 11,234,713,750.00ක මුදලක් වැය කර ඇත.

එසේම දෙවන අදියර අස්වැසුම ලබන මුළු පවුල් සංඛ්‍යාව 248,454ක් වන අතර ඒ සඳහා රජය රු 2,235,137,500.00ක මුදලක් වෙන් කර ඇත.