දකුණු කොරියාවේ බලයෙන් පහ කරන ලද හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන Kim Keon Hee ට මාස 20ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
2022 ජනාධිපතිවරණයට පෙර කොටස් මිල ගණන් හැසිරුවිම සහ අල්ලස් ලබා ගැනීම යන චෝදනා වලට වැරදිකරු වීම හේතුවෙනුයි ඇයට මෙම දඬුවම ලැබී ඇත්තේ.
පුද්ගලික ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ මාධ්‍යයක් ලෙස තම තනතුර අනිසි ලෙස භාවිතා කර ඇති බවයි සෝල් මධ්‍යම දිස්ත්‍රික් උසාවියේ විනිසුරු වූ ඉන්-සුං තීන්දු කළේ.
මේ අතර “මම උසාවියේ අවවාදය නිහතමානීව පිළිගන්නවා, එහි බර සැහැල්ලුවට ගන්නේ නැහැ” යනුවෙන් තීන්දුවෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් කිම් සඳහන් කර තිබෙනවා.
2024 දී යුද නීති යෝජනාවට අදාළව බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ යුක්තියට බාධා කිරීම සම්බන්ධයෙන් ඇයගේ සැමියා වන යූන් සුක් යෙයොල් දැනටමත් සිර දඬුවම් විදිමින් පවතිනවා.
දකුණු කොරියානු ඉතිහාසයේ හිටපු ජනාධිපති යුවළක් එකවර වරදකරුවන් වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

