ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් එක්දින තරඟය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් සහ තුන් වැනි තරගය අද (27) පැවැත්වීමට නියමිතයි.

ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

තරගය අද සවස 2.30ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර දෙවැනි තරගය ජය ගැනීමට එංගලන්තය සමත් වුණා.