ජනවාරි මාසය සඳහා නියමිත ආදායම් ඉලක්කය මේ වනවිටත් ඉක්මවා යෑමට ශ්රී ලංකා රේගුව සමත්ව තිබෙනවා.
ඒ අනුව ජනවාරි පළමු දින 22 තුළ රුපියල් බිලියන 175.4 ක ආදායමක් ශ්රී ලංකා රේගුව විසින් රැස් කර ගෙන තිබෙනවා.
එය එම මාසය සඳහා අපේක්ෂිත රුපියල් බිලියන 160.2 ක ඉලක්කයට වඩා 9.5% ක වර්ධනයක් ලෙසයි දැක්වෙන්නේ.
නොවැම්බර් මාසයේ පැවති දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බාධා එල්ල වූ බහාලුම් නිදහස් කිරීමේ කටයුතු වේගවත් කිරීම සහ දෙසැම්බර් මාසයේ ආනයන කටයුතු ඉහළ යාම මෙම ආදායම් වර්ධනයට ප්රධාන වශයෙන් හේතු වී තිබෙන බවයි රේගුව සඳහන් කරන්නේ.

