බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට

වෙළෙඳපොළේ බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළ යමින් ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 30කට පමණ අලෙවි කෙරෙන බවයි සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය ප්‍රකාශ කළේ.

එහි ලේකම් අනුරසිරි මාරසිංහ මහතා පෙන්වා දෙන්නේ බිත්තර නිෂ්පාදනය ඉහළ යාම මෙලෙස මිල පහළ යාමට හේතුව බවයි.