කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (20) ඒකක 4.13 කින් (0.02%) පහත වැටී තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 23,623.74 ක් ලෙස සටහන් වුණා.

මේ අතර අද වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.2ක්.