ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් වලට රුපියල් මිලියනයක් දක්වා දඩ

ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිෂ්පාදන කරන සහ බෙදාහරින පුද්ගලයන්ට පනවන දඩය රු මිලියනයක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙනවා.

සංශෝධිත පරිසර පනත් කෙටුම්පතින් ඊට අදාළ රෙගුලාසි පනවා ඇති බවයි පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කළේ.

මේ වනවිට ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් සම්බන්ධයෙන් පනවන දඩ මුදල රුපියල් දස දහසක් වනවා.