උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධයෙන් දැනුම් දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ප්‍රායෝගික පරීක්ෂණය එළැඹෙන 2026 ජනවාරි 24 දින සිට පෙබරවාරි 02 දින දක්වා දිවයින පුරා පිහිටුවනු ලබන පරීක්ෂණ මධ්‍යස්ථාන 42කදී පැවැත්වීමට කටයුතු සලසා ඇති බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.

මේ සඳහා වූ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ අයදුම්පත්‍රවල සඳහන් ලිපිනයටත් තැපැල් මාර්ගයෙන් යොමු කර ඇත.

එසේම, ප්‍රවේශපත්‍ර තැපැල් මගින් නොලැබුණු අපේක්ෂකයින් සඳහා 2026 ජනවාරි 19 දින සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

මෙම විභාගය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පහත සඳහන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ විමසීම් කළ හැක.

ක්ෂණික ඇමතුම් අංකය : 1911
දුරකථන අංක : 011 2784208 / 011 2784537
ෆැක්ස් අංකය : 011 2784422
විද්‍යුත් තැපෑල : gcealexam@gmail.com