2025 දී විවෘත වරෙන්තුකරුවන් 49,000ක් අත්අඩංගුවට

ගතවූ වසරේදී විවෘත වරෙන්තුකරුවන් 49,000ක් අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මහතා පවසනවා.

එසේම ගතවූ වසරේදී පුද්ගලයින් ලක්ෂ 82 ක් පරීක්ෂාවට ලක්කර ඇති බවයි ඔහු සඳහන් කළේ.