ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද ප.ව. 4.00 සිට හෙට (11) ප.ව. 4.00 දක්වා වලංගු වනවා.

අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)

බදුල්ල දිස්ත්‍රික්කය:

– බදුල්ල

– ⁠හාලි ඇල

– ⁠පස්සර

– ⁠ලුණුගල

– ⁠වැලිමඩ

– ⁠මීගහකිවුල

– ⁠කන්දකැටිය

– ⁠ඌව පරණගම

මාතලේ දිස්ත්‍රික්කය:

– ⁠අඹන්ගග කෝරළය

– ⁠උකුවෙල

– ⁠ලග්ගල පල්ලේගම

– ⁠රත්තොට

– ⁠විල්ගමුව

මහනුවර දිස්ත්‍රික්කය:

– ⁠මිණිපේ

– ⁠උඩුදුම්බර

නුවර එළිය දිස්ත්‍රික්කය:

– ⁠නිල්දණ්ඩාහින්න

– ⁠වලපනේ

– ⁠මතුරට

– ⁠හගුරන්කෙත