2025 දී විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන 08 ඉක්මවයි

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් වාර්ෂික වටිනාකම, ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලර් බිලියන 8 සීමාව ඉක්මවා තිබෙනවා.

2025 වසරේ දී විදෙස් සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ මුළු වටිනාකම ඩොලර් බිලියන 8.07 ක් ලෙසින් සටහන්ව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක දැක්වෙන්නේ.

මෙය 2024 වර්ෂය තුළ ද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් බිලියන 6.57 හා සැසඳීමේ දී 22.8%ක ඉහළ යාමකි.

මීට පෙර වසරක් තුළ ලැබුණු වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය 2016 වසරේ දී වාර්තා වූ අතර එය ඩොලර් බිලියන 7.24ක් ලෙස සටහන් වුණා.