ඉන්දුනීසියාවේ ටලාවුඩ් දූපත් වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6.8 ක භූමිකම්පාවක් සිදු ඇතැයි වාර්තා වෙනවා.
භූමිකම්පාව කිලෝමීටර 77 (සැතපුම් 47.85) ක් ගැඹුරින් සිදු වූ බවයි ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) පැවසුවේ.
මෙම භූ කම්පනයට පසුව පසු කම්පන කිහිපයක් ද වාර්තා වී ඇත.
කෙසේවෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) පැවසුවේ.
එසේම සිදු වූ ජිවිත හෝ දේපල හානි පිලිබඳ වාර්තා වී නැහැ.

