දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක තත්ත්වයේ පහළ යාමක් වාර්තා වෙනවා.
කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණත්වය සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර මට්ටමකට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව කුඩා ළමුන්, ගර්භණී මාතාවන්, වැඩිහිටියන් සහ ශ්වසන ආබාධ සහිත තැනැත්තන් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙනවා.

