තද වැසි පිලිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක්

තද වැසි පිලිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ නිරිතදිග බෙංගාල බොක්ක සහ ශ්‍රී ලංකාව අශ්‍රිතව පහළ වායුගෝලයේ පැවති කැළඹිලි තත්ත්වය අද (නොවැම්බර් මස 25) උදෑසන වන විට අඩු පීඩන තත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි. එසේම එය ඉදිරි පැය 24 තුළ තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇත.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැක.

නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වල මි.මී. 150 ක පමණ ඉතා තද වැසි ඇති විය හැක.

එසේම දිවයිනේ සෙසු ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ද අපේක්ෂා කළ හැකි වනවා.

තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලැබේ.

එම නිවේදනය පහතින්,