නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පිලිබඳ අනතුරු ඇගවීම් නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ නිරිතදිග බෙංගාල බොක්ක සහ ශ්‍රී ලංකාව අශ්‍රිතව පහළ වායුගෝලයේ පැවති කැළඹිලි තත්ත්වය අද උදෑසන වන විට අඩු පීඩන තත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි.
එසේම එය ඉදිරි පැය 24 තුළ තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බව ද එම නිවේදනයේ දක්වා තිබෙනවා.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැක.
නැගෙනහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
එසේම දිවයිනේ සෙසු ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.


