උපරිම සිල්ලර මිලට ඖෂධ අලෙවි වේ ද යන්න සොයා විමර්ශන

උපරිම සිල්ලර මිල නියම කළ ඖෂධ වර්ග එම මිලට අලෙවි කරන්නේදැයි දීප ව්‍යාප්තව විමර්ශන ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ මේ වනවිට 500 කට ආසන්න ඖෂධ සංඛ්‍යාවක උපරිම සිල්ලර මිල නියම කර ඇති බවය.

ඊට අදාළ මිළ සූත්‍රය පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර ඒ අනුව ඇතැම් ඖෂධ වර්ගවල මිල ගණන් විශාල ලෙස මිල අඩු වුණි.

එම වාසිය ජනතාවට ලැබෙනවාද යන්න පිළිබඳ එම විමර්ශනවලදී සොයා බලනු ඇත.

එසේම නියමිත උපරිම මිල ඉක්මාව ඖෂධ අලෙවි කරන ඖෂධ හල් වලට එරෙහිව පියවර ගන්නා බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.