පාසල් කාලය දීර්ඝ නොකරන ලෙස ගුරු සංගම් වලින් යෝජනාවක්

පාසැල් කාලය පස්වරු 2:00 දක්වා දීර්ඝ නොකරන ලෙස ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍යංශයට යෝජනා කර තිබෙනවා.

ඒ එම සංගමය සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරින් අතර පැවති සාකච්ඡාවකදී මේ බව යෝජනා කර ඇති බව සඳහන්.

මේ අතර මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යාල්වෙල පඤ්ඤාසේකර හිමියන් ද අදහස් පළ කළා.

උන්වහන්සේ පැවසුවේ රජයේ ගුරු වෘත්තිය සමිතියේ ද යෝජනා සැලකිල්ලට ගෙන බලධාරීන් පාසල් කාලය දිගු කිරීමේ යෝජනාව හකුලා ගතයුතු බවයි.

නව අධයාපන ප්‍රතිසංස්කරණ අනුව 5 වන ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා කාල පරිච්ඡේද 7 ක් යටතේ පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා පාසල් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.