වාහන ආනයනය සඳහා මේ දක්වා වසර තුළ ඩොලර් බිලියන 1.8කට ආසන්න වටිනාකමකින් යුත් ණයවර ලිපි (LC) විවෘත කිරීමට රජය අවසර දී ඇති බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන පවසනවා.
රජය ඩොලර් බිලියන 1.8 ක් පමණ දක්වා LC විවෘත කිරීමට අවසර දී ඇතත්, මේ දක්වා ආනයනය කර ඇත්තේ ඩොලර් බිලියන 1.2 ක් පමණ වටිනා වාහන පමණක් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ.
“රටට පැමිණ ඇත්තේ ඩොලර් බිලියන 1.2 ක් පමණ වටිනා වාහන පමණක් බවත් විවෘත කරන ලද ණයවර ලිපි ප්‍රමාණයෙන්, මේ දක්වා වාහනවලින් 60% ක් පමණ පමණක් පැමිණ තිබෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන පැවසුවේ.
රජය මුලින් වාහන ආනයනකරුවන්ට ඩොලර් බිලියන 1.2 ක් දක්වා ණයවර ලිපි විවෘත කිරීමට අවසර දී තිබූ බවත් කෙසේ වෙතත්, ණයවර ලිපිවල මුළු වටිනාකම මෙම සීමාවට ළඟා වූ විට, රජය ක්‍රමයෙන් සීමාව ඩොලර් බිලියන 1.8 ක් දක්වා වැඩි කළ බවත් වර්තමානයේ ණයවර ලිපි ද මෙම සංශෝධිත සීමාවට ළඟා වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

