වනඅලි මෙහෙයුමක් අද හම්බන්තොටදී

වනඅලි පලවා හැරීමේ මෙහෙයුමක් හම්බන්තොට දිස්ත්‍රික්කයේදී අද (02) පස්වරුවේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

එම දිස්ත්‍රික්කයේ ජනජීවිත හා දේපළ මෙන්ම වනඅලින්ගේ ජිවිත ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මකයි.

විදුලි වැට කඩා දමමින්, ගම්වැදුණු වනඅලින් යළි විදුලිවැටෙන් ඔබ්බට ගෙනයාමටයි මෙම මෙහෙයුමේ සැලසුම වන්නේ.

ඒ සඳහා වනජීවි නිලධාරීන්, ගුවන් හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඒකාබද්ධව නිලධාරින් 2,000ක් පමණ එක්වීමට නියමිත බවයි සඳහන්.