රටම එකට මෙහෙයුම යටතේ යාපනය, පේදුරු තුඩුව ප්රදේශයෙන් රුපියල් කෝටි තුනක් පමණ වටිනා කේරළ ගංජා කිලෝග්රෑම් 105 ක් සමඟ සැකකරුවන් සිව්දෙනකු ඊයේ (01) අත්අඩංගුවට ගත් බව පේදුරු තුඩුව පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ රටම එකට මෙහෙයුම යටතේ පොලිස් නිලධාරීන් සිදු කළ විශේෂ පරීක්ෂාවකදී කේරළ ගංජා තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
නාවික හමුදාවෙන් ලද තොරතුරත් මත පළමුව බෝට්ටු දෙකක් සමඟ සැකකරුවන් තිදෙනකු කේරළ ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බවත්, සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත සිද්ධියට සම්බන්ධ තවත් සැකකාරියක නිවසක කේරළ ගංජා සඟවා ගෙන සිටියදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසනවා.
සැකකරුවන් ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් අදාළ ගංජා තොගය ගෙනැවිත් මෙරට බෙදා හැරීමට සුදා නම් කොට තිබූ බවත් අනාවරණය කරගෙන තිබෙනවා.
ජාවාරමේ ප්රධාන සැකකරු පළාගොස් ඇති අතර එම සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහහන් කරනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා ගංජා තොගය පේදුරුතුඩුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

