ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උතුරු – මැද, මධ්‍යම, ඌව, සබරගමුව සහ වයඹ පළාත්වලත් මාතර, හම්බන්තොට, ගම්පහ, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං ඇති විය හැක.

මෙම නිවේදනයට අද රාත්‍රී 11:00 දක්වා බලපැවැත්වෙනු ඇති.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස‍යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.