ට්‍රම්ප් යුක්රේනයට Tomahawk මිසයිල යවන්න තීරණය කරයි

රුසියාව සමඟ යුද්ධ කිරීම සඳහා නවතම Tomahawk දිගුදුර මිසයිල යුක්රේනයට ලබා දීමට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියාවට එරෙහිව ප්‍රතිප්‍රහාර දියත් කිරීම සඳහා ශක්තිමත් හමුදාවක් යුක්රේනයට සකස් කර දීමේ වැඩපිළිවෙලේ එක් පියවරක් ලෙස මෙය සිදු වනවා.

ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර මෙම සති අන්තයේ දුරකථන සංවාදයක් පැවති අතර එයින් පසුවයි මෙම මිසයිල ලබා දීමට ට්‍රම්ප් තීරණය කර ඇත්තේ.

යුක්රේනයට වෙත දිගු දුර මිසයිල සැපයීමට එරෙහිව රුසියාව විසින් මීට පෙර ඇමරිකාවට අනතුරු ඇඟවීමක් ද සිදු කරනු ලැබුවා.