දමිල සිනමාවේ තරුවක් වන Vijay විසින් පවත්වන ලද දේශපාලන රැළියක දී තෙරපීම හේතුවෙන් පුද්ගලයන් 36 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පැවති මෙම දේශපාලන රැස්වීම සඳහා ජනතාව දහස් ගණනක් සහභාගී වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
තවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි දේශපාලනඥයෙකු වන සෙන්තිල් බාලාජි මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ.
මිය ගිය පිරිස අතර අවම වශයෙන් කාන්තාවන් 16 දෙනෙකු, පිරිමින් නව දෙනෙකු සහ ළමුන් හය දෙනෙකු ඇතුළත් වන බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මා සුබ්‍රමනියන් ප්‍රාදේශීය මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.
මේ අතර මියගිය අයගේ පවුල්වලට රුපියල් මිලියනයක වන්දි ලබා දෙන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් පැවසුවා.

