ප්‍රදේශ කිහිපයකට ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්

වැසි සමයේදී මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කොළඹ, ගම්පහ, යාපනය සහ මඩකලපුව දිස්ත්‍රික්ක ඩෙංගු සඳහා ඉහළ අවදානම් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ මහජන වෛද්‍ය උපදේශක ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ.

මේ අතර මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 38,702 ක් වාර්තා වී තිබෙනවා.

එසේම ඩෙංගු සංකූලතා හේතුවෙන් පුද්ගලයින් විසි එක් දෙනෙකු මිය ගොස් තිබේ.