පින්නවල අලි සංරක්ෂණාගාරයට කෝටි 60ක ආදායමක්

මෙම වසරේ දේශීය සහ විදේශීය සංචාරකයන් විශාල පිරිසක් පින්නවල අලි සංරක්ෂණාගාරය නැරඹීමට පැමිණ තිබෙනවා.

මේ හේතුවෙන් ජූලි 31 වනදා වන විට රුපියල් කෝටි 60ක ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇතැයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක මිහිරාන් මැදවල මහතා පවසනවා

මෙය පසුගිය වසරවල පැවති තත්ත්වයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් බවත්, ඉදිරි මාසවලදී මෙම ආදායම තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළා.

මේ වසරේ මේ දක්වා සංරක්ෂණාගාරය නැරඹීමට පැමිණි දේශීය සංචාරකයන් සංඛ්‍යාව 110,000ක් වන අතර, විදේශීය සංචාරකයන් සංඛ්‍යාව 250,000ක් පමණ වනු බවයි සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ.