Kajiki සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ 586,000ක් ආරක්‍ෂිත ස්ථාන වෙතට

Kajiki සුළි කුණාටුව පැමිණීමට පෙර වියට්නාමය 586,000 කට අධික පිරිසකට ආරක්‍ෂිත ස්ථාන වෙත ඉවත් වෙන ලෙසට දැනුම් දී තිබෙනවා.

කුණාටුව දැනටමත් පැයට කිලෝමීටර 166 (පැයට සැතපුම් 103) ක වේගයෙන් හමා යන අතර සඳුදා අලුයම ගොඩබිමට ඇතුළු වීමට පෙර එය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ අනාවැකිකරුවන් සඳහන් කළේ.

Thanh Hoa, Quang Tri, Hue සහ Da Nang යන මධ්‍යම පළාත්වල ජනතාවටයි මෙලෙස තම නිවෙස්වලින් ඉවත් වන ලෙස නියෝග කර ඇත්තේ.

මේ අතර සුළි කුනාටුව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කර ඇති අතර බෝට්ටු වෙරළට වී සිටින ලෙස දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කුණාටුව චීනයේ හයිනාන් පසුකර යන අතර, එරට කාලගුණ ඒජන්සිය පැවසුවේ කුණාටුව හේතුවෙන් මිලිමීටර් 320 (අඟල් 12.6) දක්වා වර්ෂාපතනයක් පුරෝකථනය කර ඇති බවයි.