ලංකා ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික අංශයේ දුරගමන් සේවා බස් රථ ඒකාබද්ධ කාල සටහනක් යටතේ ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව පහත ගමන් මාර්ග මෙම ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
කොළඹ – හලාවත, කොළඹ – පුත්තලම, කොළඹ – ආනමඩුව, කොළඹ -එළුවන්කුළම, කොළඹ – කල්පිටිය, මීගමුව – කල්පිටිය, කොළඹ – මන්නාරම, කොළඹ – තලෙයිමන්නාරම, කොළඹ – කුලියාපිටිය, කොළඹ – නිකවැරටිය, කොළඹ – කුළියාපිටිය, කොළඹ – අනුරාධපුර, කොළඹ – වව්නියාව, කොළඹ – කිලිනොච්චිය, කොළඹ – යාපනය, කොළඹ – කන්කසන්තුරේ, කොළඹ – කරෙයිනගර්, කොළඹ – තුන්නුක්කායි,
අද (25) මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් රථ අංගනයේ සිට එම ගමන්වාර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ චන්ද්‍රපාල මහතා සදහන් කළේය.
එසේම පැය හතරහමාරක ධාවන කාලයකින් පසුව බස් රථ රියදුරාට නිශ්චිත ස්ථානයකදී විවේක ගැනීම සඳහා ප්‍රතිපාදන ද සලසන බව ඔහු පවසනවා.
තවද බස් රථයේ ගමන් ගන්නා මගීන් සඳහා සෞඛ්‍යාරක්ෂිතව ආපන ශාලාවක ආහාර පහසුකම් සැලසෙන්නේද යන්න පිළිබඳවද මෙහිදී නිරන්තර නියාමනයකට ලක්වන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

