උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලට සහ හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලට උණුසුම් කාලගුණය පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
දිස්ත්‍රික්ක 12 කට වලංගු වන පරිදි මෙම ඇම්බර් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වන තාප දර්ශකය, දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල ‘අවවාදාත්මක’ මට්ටම දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

