හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය X ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුවීමට පෙර යූ ටියුබ්කරුවෙකුට අනාවැකි පළ කළ හැකිදැයි එම පණිවිඩයෙන් විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර තිබෙනවා.
එසේම මෙම සිදුවීම අහම්බයක් විය නොහැකි බවත් මෙම අත්අඩංගුවට ගැනීම කළින් සැලසුම් කළ එකක් විය හැකි බවත් ඔහු දක්වා තිබෙනවා.
එවැනි තත්ත්වයකට පත්ව ඇත්නම් නීතිය හා සාමය වැනි පූජනීය දෙයක් ලාභ නාට්‍යමය රංගනයක් බවට පත් කරන ලද දුක්බර දවසක් බවට අද දිනය පත්වන බවද එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වනවා.
ඔහු ගේ X සටහන පහතින්,

