රනිල් ගේ ඇප ඉල්ලීම පැය භාගයකින් කල් යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළා.

මෙම ඇප ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර ඉදිරියේ සලකා බැලුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරමින් මෙම සැකකරුට එරෙහිව පොදු දේපල පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බව සඳහන් කළා.

විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

මේ අතර සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූෂ ප්‍රේමරත්න අධිකරණයේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.

ඉන් අනතුරුවයි ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව මහේස්ත්‍රාත් නිවේදනය කරනු ලැබුවේ.