ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 10.00 සිට පැය 10 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

ගම්පහ , අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයේ නිට්ටඹුව සිට මිනුවනගොඩ දක්වා ඇති සම්ප්‍රේෂණ නලයේ පිරිසිදු කිරීමේ හා විෂබීජහරණය කිරීමේ කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි මණ්ඩලය සඳහන් කරන්නේ.

ඒ අනුව අද පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා පැය10ක කාලයක් රණ්පොකුණගම, බටලීය, අත්තනගල්ල, පස්යාල, නිට්ටඹුව යන කලාපවලට ජලසැපයුම අත්හිටුවනු ඇති.

ඒ අනුව නිට්ටඹුව , කන්දහේන, මාපගොල්ල , කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත , කෝලවත්ත , ගොරකදෙනිය, රණ්පොකුණගම, රණ්පොකුණගම නිවාස යෝජනාා ක්‍රමය , බටලීය, අත්තනගල්ල , පස්යාල,ඌරාපොල,දික්කන්ද, මිට්ටිගම්මන, මාඉඹුල, මාකලාන , හග්ගල්ල , ඇලවල, ඇල්ලමුල්ල යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටවෙනු ඇත.