බටහිර තුර්කියේ සින්ඩිර්ගි හි රික්ටර් මාපක 6.1 ක භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.
එරට වේලාවන් ඊයේ (10) රාත්‍රී 7:53ට මෙය සිදුව ඇති බවයි තුර්කි ආපදා කළමනාකරණ ඒජන්සිය (AFAD) සඳහන් කළේ.
භූ කම්පනය හේතුවෙන් අවම වශයෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වෙනවා.
ඉස්තාන්බුල් සහ සංචාරක තෝතැන්නක් වන ඉස්මීර් ඇතුළු රටේ බටහිර නගර කිහිපයකට භූමිකම්පාව දැනී තිබෙනවා.
භූමිකම්පාවෙන් සින්ඩිර්ගි සහ ඒ අවට ගොඩනැගිලි 16 ක් කඩා වැටුණු අතර ඉන් හතරක් ජනතාව වෙසෙන ගොඩනැගිලි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රික්ටර් මාපකයේ 3.5 සිට 4.6 දක්වා වූ පසු කම්පන 20 ක් පමණ ද ඇති වී ඇති බව තුර්කි ආපදා කළමනාකරණ ඒජන්සිය සඳහන් කරනවා.

