ජූලි වැඩිහිටි දීමනාව අද ගිණුම් වලට

ජූලි මාසයට අදාල අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වැඩිහිටි දීමනාව එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට අද බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

රුපියල් තුන් බිලියන තුන් මිලියන 8ලක්ෂ 40,000 මුදලක් ප්‍රතිලාභීන් 600,768කගේ ගිණුම් වෙත බැර කරනු ඇත.

ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට අද සිට එම මුදල් බැංකු ගිණුම් වෙතින් ලබා ගැනීමට හැකියාව පවතිනවා.